මේ නගරය....

 

කොළඹ නිශාචර ජිවිතයට කවදා හුරු වූවා දැයි නොදනිමි. සදා නොවෙනස් වූ  ආත්මීය බැඳීමක් මේ නගරය මතින් හමා යන සිහිල් සුළං රැල්ලක පවා ගැබ්ව ඇත. සියලු වේදනාවන් මිහිරක් කොට ගනිමින් නගරයේ විදී මත්තෙන් ඔහේ ඇවිද යමි. නගර මැද වැහි කෝඩයට මහා විසාල ගස් පාමුල ගුලි වෙමි.දුම්රිය පොළවල් වල ලතැවෙමි.කොළඹ ගංගාරාමයත් බේරේ වැවත්,විහාරමහදේවි උද්‍යානයත් අතර සුසුම් දිය කරමි. 138 හි වැයෙන සුපුදුරු හීන් ගී තනුවට මට හැඩුණි. දෑස් තද කොට පියා ගමි.කොහේ හෝ යළි නොඑන්නට මතක වළදමා මියෙන්නට සිතෙයි. කඳුළු අතරින් මැවෙන නුඹේ ලෙන්ගතු සිනා මුහුණ සංසාරයට මා යළි බැඳ තබා ගයි.




Comments

Popular posts from this blog

පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද?

ඔයා වගේම උන්නා...