ඔයා වගේම උන්නා...

   ඊයේ හැන්දෑවෙත් මං අර කොලු පැටියා දැක්කා.හරියට ඔයාගේ පුංචි කාලේ වගේමයි. ආයෙමත් අප්‍රමාණ දරු සෙනෙහසකින් මගේ හිත පිරිලා ගියා.

  ඒ වයසේ වෙන කිසිම කොලුවෙකුට නැති පුංචි අහිංසක  හුරතල් කමක් ඒ ඇඟ පුරාම තිබ්බා.ඒත් ඔයාටත් වඩා  දඟ මල්ලක් නම් කියලා මට හොඳටෝම විස්වාසයි.සිකුරාදා හැන්දෑවේ නිසා ගෙදර යන්නදෝ මන්දා කැලණි කන්ද උඩහ ඉදන්  පහළට  දුවන් ආවේ හරියට බස් එක මඟ හැරේවීදෝ වගේ කියලා.මං ආයෙත් හැරිලා බැලුවා. ඔයා වගේම උන්නා.




ඇත්තටම අම්මෙක්ගේ "බර" මට කියලා දුන්නට ඔයාට පිං කුසල!


ඔයා අද මාව ඇඩෙව්වා කුසල.ඔහොම කරන්නෙපා.

මං කවදා කොහොම කොහේ හිටියත් ඔයාව බලන්න එනව මගේ දරුවෝ.එතකන් මගෙත් අයියත් ආශිර්වාදය ආදරය ඔයාට.


ඔයා මගේ  දරුවා.හැමදාටම. මං හිතනවා දෙමව්පියන්ට බෑ දරුවන් ගැන තරහක් හිතන්න.

Comments

Popular posts from this blog

පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද?