විශ්වවිද්‍යාල ජීවිතය හෙටින් නිමයි. මේ තාක් මොන දෙයක් සිද්ධ වුනත්, ඒ හැම දේම හිතට එකඟව වගේම මට හරි කියල හිතෙන නිවැරදිම දේ කළා කියලා හිතෙනවා.එතකොට දුක හිතෙනවා තමයි,පාඩු විදින්නත් වෙනවා...පස්සෙ කාළේ හිතද්දි ඔයාටත් මට වගේම ඒ ගැන දුකක්,වේදනාවක්,කණගාටුවක් දැනුන ද බූ...?
ඔව්,ඕනිම මිනිහෙකුට එහෙම දැනෙන්න ඕනී.එහෙම දැනෙනවා.
මං ප්‍රාර්ථනා කරනවා හැම නරක කාලයක්ම ඉවර වෙන හැමදේම හොඳින් වෙන කාලයක් අපිට උදා වෙයි කියලා.ඒ හැම දවසකමත් කොහේ හරි ඉඳන් ඔයා මං දිහා එකම එක පාරක්වත් බලන් ඉන්නව නම්....
ඔයා යන්න කළින් මං කරන්න හිටපු,මං ගෙවන්න හිටපු ඔයා කොහොම හරි හොරෙන් හොයා ගත්තු ජීවිතය දවසක ආසාවෙන් ගෙවනවා, ඒ විදිහටම. දැනට ඒ ගැන බලාපොරොත්තුවක් ,පොඩි ආසාවක්,පොරොන්දුවක් විතරයි මේක බූ..
ඔයා නැති කාළේ සරෝජ් අයියා හොඳින් බලා ගත්තා.ඒත් හැමදේම ටික කාලයයි. ඒත් ඒ උපරිමම ය. මං ඒකට කැමතියි; ආදරෙයි !
හැමදේටම ස්තූතියි බූ!;මං ආදරෙයි.
ඒක මාව රිද්දන්නේ නැහැ සරෝජ්.ඇත්ත ලෝකේ මං දන්න මං ආදරේම මැරෙන්න මොහොතකට හරිත් කළින්,මේ දැනුත් මං හිතන්නේ ඔයා ගැන විතරයි.
Comments
Post a Comment
හිතට දැනෙන දේ මට කියන්න ...