පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද?
ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නෙවෙයි දේශපාලන මෙන්ම සමාජීය,සංස්කෘතික වශයෙන්ද මෙරට නවමු හැඩයක් ගන්නා ලද්දේ මහින්දාගමනයේ ප්‍රතිපලයක් ලෙසින්. ක්‍රි.පූ 5 වන සියවසෙහි ආර්‍යයන් මෙරටට පැමිණීමත් සමඟම ලාංකිකයන් ඔවුන්ටම විශේෂිත වූ දේශීය සංස්කෘතියකට උරුමකම් කීවද,එය වඩා විශ්වාසදායක ලෙසින් හා ස්ථිරසාර ලෙසින් ගොඩ නැගුණේ මහින්දාගමනයෙන් අනතුරුව බව නම් අවිවාදිතයි!
මහින්දාගමනයට පෙර බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව සමාජයත් සංස්කෘතියත් සේම අධ්‍යාපනයත් හැඩ ගස්වා ගත් ලාංකිකයන් , මහින්දාගමනයත් සමඟම වූ නව පුනර්ජීවයේ ඵලයක් ලෙසින් එකී සියලු කාරණා භික්ෂු මූලීකත්වයෙන් ගෙන ගියා.ඒ අනුව ගුරු ගෙදර,පන්සල් පාසල්,පිරිවෙන් වගේම තෘතියීක අධ්‍යාපනය සඳහා මහා විහාරයත් දොරටු විවර කළා.
බෞද්ධ අධ්‍යාපනයේ මූල කේන්ද්‍රය ලෙසින් සැළකෙන මේ මහා විහාරවාසී භික්ෂූන්ගේ විපුලත්වය ගැන කතා කරන අට්ඨකතා වලට අනුව උන්වහන්සේලා බුද්ධිමත්,එසේම ධාරණ ශක්තියෙන් මෙන්ම මහා ප්‍රඥාවෙන් ද අගතැන්පත් වූවන් ලෙසයි සැළකෙන්නේ.
භාණක නමින් හැඳින්වෙන තෙරවරුන්ට තුන්පිටකයම වනපොත් කොට මතක තබා ගැනීමට තරම් ධාරණ ශක්තිය දියුණුව පැවති බවට මෙය සාක්ෂීයි! මජ්ඣිම භාණක දේව තෙරුන් එකුන් විස්සක් භාවනානූයෝගීව සිට එම නිකාය කිසිම වැරදීමක් නැතිව යළි කීමට තරම් දක්ෂ වූ බව සඳහන්.එපමණක් නොවෙයි කිසිම රාජ්‍ය අනුහ්‍රහයක් නොමැතිව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත්,සිංහල අටුවා පාලියට නැගීමත් යන වැදගත් කාර්යය දෙකම සිදු වූවේත් මේ මහා විහාරික භික්ෂුන් අතින් බව නම් කියන්නම ඕනී.
කාලය එහෙමම ගෙවිලා ගියා.මහවිහාරයත් එහෙමම පරිහානි වුණා.ඉන් අනතුරුව බලයට පැමිණි අභයගිරියත් නොයෙක් පරිහානියන්ට ලක්ව අනුරාධපුර සමයේම පිරිහී ගියා. සියවස් ගණනාවකින් පස්සෙ යුරෝපීය බලපෑමෙන් බටහිර මිෂනාරී අධ්‍යාපනය ලංකාව තුළ ක්‍රියාත්මක වීමත් සමඟම,ලාංකීය බෞද්ධ අධ්‍යාපනයට තිත තැබුණා. යූරෝපීය අධ්‍යාපන ක්‍රමය තුළ ලාංකීය බෞද්ධ ප්‍රජාවට ක්‍රිස්තියානි, රෝමානු කතෝලික ආගම ඉගැනීමට සිදු වූණා විතරක් නෙවෙයි විශේෂයෙන් ඕලන්ද අධ්‍යාපන ක්‍රමයේදී ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නන්ට පමණක්ම අධ්‍යාපන වරප්‍රසාද හිමි වුණා.
මෙකී බටහිර ආධිපත්‍යයත් සමඟ පීඩාවටත් පරිහානියට පත් වූ ලාංකිකයන් හට 1863 ගණන් වල ක්‍රියාත්මක වූ පංචවාද වල ප්‍රතිපලයක් ලෙසින් හික්කඩුවෙ ශ්‍රී සුමංගල හිමි,මිගෙට්ටුවත්තේ ගුණානන්ද ආදී තෙරවරු ප්‍රධානත්වයෙන් ඇති වූ බෞද්ධ පුනර්ජීවනය මෙරට බෞද්ධ අධ්‍යාපනය යළි නගා සිටුවීමට දායකත්වය සපයනු ලැබුවා. ඊට සහයක් වෙමින් ඇමරිකානු ජාතික ඕල්කට්තුමා මෙරට බෞද්ධ පාසල් ඉදි කරනු ලැබුවා.විද්‍යෝදය ,විද්‍යාලංකාර පිරිවෙන් ආදිය, යළි මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙසින් සැළකුණා. ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය ,මහනුවර ධර්මරාජ විද්‍යාලය ,කොළඹ මියුසියස් මෙන්ම හින්දු විද්‍යාලත් කොළඹ සහිරා වගේ ඉස්ලාම් ආගමික විද්‍යාලයත් ආරම්භ වුණා.
බැලු බැල්මටම පේන කාරණාව තමයි මේ හැම අධ්‍යාපනික ආයතනයක්ම ස්ථාපිත වෙලා තියෙන්නෙ තම තමන්ගේ ආගමික දාර්ශනීය නාමයෙන්! බහුතරයකට එය සමාජ පසුගාමී සාධයක්; මහා ජාතියෙන් සුළු ජාතික සම්ප්‍රදායන්ට කළ හානියක්. ජාතික පාසලකට අලුතින් දරුවෙකු ඇතුළත් කරන්න ගියත් ඔය කාරණාව ඉස්මතු කරනවා. නාගරික පාසල් තුළ ඇති ග්‍රාමීය අධ්‍යාපන ආයතන තුළින් ගිලිහුණු වරප්‍රසාද ගැන කතා කරනවා.ඒ ගැනත් පසුවට කතා කරමු.කොහොම නමුත් අතීතයේ මේවායෙහි අධ්‍යාපනයේ මූලීක පරමාර්ථය වූයේ ලෞකිකත්වයට වඩා ලෝකෝතර වශයෙන් වූ අධ්‍යාත්මික සමෘද්ධි භාවයක් ..ආගමික අර්ථයෙන් නොවූවත් 21 වන සියවසෙහි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර වන මූලීකම අභිලාෂයන් වන්නේත් එවැනිම කාරණාවක්!
නමුත් නූතනත්වය කරා යන තරඟකාරී සමාජය තුළ සිසුන් පුහුණු කිරීමේදී විභාග සමත් වීම, ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ මූලීක සාධනය ලෙසින් පටු ලෙස අර්ථ ගන්වා ගෙන පරිහානියට පත්ව වෙලා.
අද වන විට, ලමයා සහ මිනිස් මනසේ ක්‍රියාකාරීත්වය විමසමින් බහුවිධ බුද්ධි න්‍යාය, සමස්ත මොළය වර්ධනය,අධ්‍යාත්මික බුද්ධිය මෙන්ම චිත්තවේග බුද්ධිය පිළිබඳ සාකච්ඡා කරනු ලබන 21 වන සියවසේ අධ්‍යාපන විශේඥයන් විසින් පාසල මඟින් හුදු බුද්ධිමතුන් බිහි කිරීම වෙනුවට ප්‍රඥාවන්තයන් බිහි කිරීමට අවධානය යොමු කළ යුතු බවත් ,එතුළ හුදෙක් බුද්ධිය යනුවෙන් හැඳින්වෙන මානසික ක්‍රියාවලියෙන් ඔබ්බට උසස් බුද්ධි තලයක් කරා සිත මෙහෙය වීමට පුහුණු කළ යුතු බවත් එමඟින් ප්‍රඥාව විකසිත කළ හැකි බවත් අවධාරණය කරනවා.එච්චරක් නෙවෙයි,
ඉඩක් ලැබුනොතින් ඒ ගැන තවත් ලියන්නම්. දැනට මේ ලිපිය ✍️ අදහස් ,යෝජනා මෙන්ම චෝදනා, සංවාදයන්ටත් ඉඩ!

Comments
Post a Comment
හිතට දැනෙන දේ මට කියන්න ...