භාර්ගවී කුට්ටි..
Neelavelicham (2023)
Aashiq Abu ගේ Neelavelicham , ඇහැ ගැටුණු මොහොතේ ඉඳන් ඔබට චචන දෙක තුනක් ලියන්න තිබුණු ඕනෑකම, එය තනිව විඳගැන්ම තරම් මහත් නොවුණත් අනන්ත අප්‍රමාණ වූ මායාකාරී මලයාලම් සිනමාවේ මෙතෙක් මා විදී තවත් නොස්ටැල්ජියානු හැඟුම් මාත්‍රයක් ස්පර්ෂ කළ Neelavelicham තවත් පරිස්සමට මේ මතක මාවතේ වළදාන්න හිතුවා.
භාර්ගවීකුට්ටී... ඔයා තරහ වෙන එකක් නැහැ!
සිනමා කෘතිය රස විඳි ඇත්තන්නට නම් මේ කියන කතාව අරුමයක් නොවේවී! වචනයෙන් ලියා සියුම්ව විඳ ගැන්මට ඇති අපුරූ මනෝභාවයන් ඛණ්ඩණය නොකරන්න මා සිතා ගත්තා. ඒ නිසා , මං කතාව නම් කියන්නේ නෑ.
තෝමස්,
පරිකන්නි,භාර්ගවී ඔයාගේ බිරිඳ හැටියට සළකනකොට,ගෙදර භූමිතෙල් ඉවර වෙලා හොයාගෙන යද්දි...යාළුවෝ, "ඇයි ,භාර්ගවීගෙන් අහන්න එපැයි" කියකොට... මට ඔබව වැටහෙනවා ; මං ඔබව දන්නවා ...
"මාර්ගයක් රහිත වූ හුදකළා මේ වෙරළේ
ඔබ අද පැමිණියේ කිනම් ස්ථානයකටද...?
මේ...තනිකම නම් වූ හුදකලා වෙරළේ



ගොඩක් ලස්සන ගැළපීමක්
ReplyDelete🖤
Delete👍 nice
ReplyDeleteලස්සනයි.congratulations❤
ReplyDelete