මතක වරු...
ජීවිතයේ නොයෙක් නවාතැන්පලවල් බොහොම තාවකාළිකයි.හිත මත්තේ මාළිඟා තනන් සදාකාලිකවම පරිස්සම් කරන්න තැනුවත් කවඳා නමුත් බිඳිලා, විසිරිලා යනවා.වේදනා රිදුම් දෙනවා.මතක ගොඩ වෙනවා.මේත් එහෙම තැනක්. විශ්වවිද්‍යාලයෙන් නික්මෙන්න තවත් හරියටම අවුරුද්දයි.
විසල් කොළඹත්,මේ සරසවි මාවතත් ඒ හා බැඳි මුළු අවකාශය පුරාම වෙළා ගත් අනුරාගයේ මතක වස්තු පොඳි බැඳන් නික්මෙන්න තව ටික කාලයයි. ආයේ මේ පොළවේ පැළ වෙයිද,මේ නගරයට සදාකාලිකවම සමු දෙයිද කියන්න මං දන්නේ නෑ. නමුත් දන්නවා, අපි ආයේ හමු නොවුනත් මේ මතක මේ අවකාශයේ කොහේ හෝ තැනක සඳා කාලිකවම පරිස්සමින් රැදී තිබේවී.

Nice 😊 ♥️
ReplyDeleteහරිම ලස්සන වචන 💖💖
ReplyDelete~oshadi~
බොහොම ස්තූතියි 🖤
Deleteඅනේ ඒ වචන 😥
ReplyDeleteඅපි ඉතින් මුණගැහෙනවා නොවැ 😉
Delete