විසි එක් වන සියවසෙහි අධ්‍යාපනය
මේ ලිපිය, කලින් සතියෙ පළ කෙරුව පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද? May 17, 2024 පිළිබඳ දැක්වූ ලිපියෙහිම දිගුවක්. මේ ලිපි මා උගත් ,කියවූ පොත පත හා ඇසූ පිරූ දෑ තුළින් එක් කොට ගත් දැනුම ඇසුරෙන් මගේ අකාරයට ගොඩනැගු කථිකාවතක් වගේම, ඒ පිළිබඳ සංවාදයන්,මතවාදයන් ගෙන ඒම පෙර පරිදිම ඔබට විවෘතයි.
මතක ඇති එහිදි මං සඳහන් කළ කාරණාවක් තමා විසිඑක් වන සියවසේ හී පන්තිකාමරය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී "බහුවිධ බුද්ධි න්‍යාය" භාවිත කළ යුතුය යන්න පිළිබඳ ගෙන ආ අදහස.වර්තමානයේ බොහෝ දෙනෙක් බුද්ධිය යනු දැනුම හඹා ගෙන යෑම යයි සළකා ජීවිතය වරදවා ගෙන ඇත. මේ බුද්ධිමය හැකියා යනු ගණිත , තර්කන හා භාෂා හැකියා පමණක් නොවෙයි, තවත් බුද්ධිමය හැකියා පුද්ගලයෙකු සතු බව වර්ෂ 1955 දී හොවාඩ් ගාඩ්නර් විසින් බහුවිධ බුද්ධ න්‍යාය ඇසුරෙන් පෙන්වා දෙනවා.
එහිදි පුද්ගල නිපුණතා හෙවත් බහුවිධ බුද්ධි හැකියාවන් (Multiple Intelligences ) දක්වලා තියෙන්නෙ මෙහෙමයි.
1. වාචසික - භාෂාමය බුද්ධිය (Verbal Linguistics
Intelligence )
2. සංගීත - රිද්මයානූකූල බුද්ධිය (Music - Rhythimic
Intelligence )
3. තාර්කික - ගණිතමය බුද්ධිය ( Logical -
Mathematical Intelligence )
4. දෘෂ්‍ය - අවකාශමය බුද්ධිය (Visual - Spatial
Intelligence )
5. කායික - සංචලනමය බුද්ධිය ( Bodily - Kinesthetic
Intelligence )
6. අන්තර් - පුද්ගල බුද්ධිය (Inter - personal
Intelligence )
7. පුද්ගල - ඇතුළාන්ත බුද්ධිය (Intra - Personal
Intelligence )
8. ස්වභාවධර්ම බුද්ධිය (Naturalistic
Intelligence )වගේම,
9. සංසාරික පැවැත්ම පිළිබඳ බුද්ධිය ( Existential
Intelligence )
ඒ අනුව පුද්ගලයෙකුට යම් කාර්යයක් කිරීමට ඇති හැකියාව , ඔහුගේ හෝ ඇයගේ බුද්ධිය ලෙස ගැනෙන අතර එම කාර්යයන් කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම තුළින් බුද්ධිමය හැකියාව වැඩි දියුණු කළ හැකි බව පෙන්වා දෙනවා.
සමහර දරුවන්ට උප්පතියෙන්ම හෝ කුඩා කළ පටන්ම මෙකි බුද්ධි තලයන් පිහිටලා තියෙනවා.ඇතැම් දරුවන් කාලයත් එක්ක පුහුණුව ලබමින් සිය බුද්ධිමය හැකියාවන් වැඩි දියුණු කර ගන්නවා.මෙතනදි ගුරුවරුන්ගේ කාර්ය භාරය වන්නේ දරුවාව හොඳින් අවබෝධ කර ගනිමින් ඊට ගැළපෙන ලෙස ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කරමින් දරුවන්ගේ බුද්ධි හැකියා වැඩි දියුණු කරන එක.එය හුදු දැනුම සොයා යන යන ඒකාකාරී සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රියාවලියකට එහා වූ පරිපූර්ණ ජීවියෙක් නිර්මාණය කිරිමට දරන උත්සහයක්! ඔව්,පරිපූර්ණ ජීවියෙක්.
📚📚📚📚📚📚📚📚
ReplyDelete🖤
DeleteGreat
ReplyDeleteමතක මාවතට සාදරයෙන් පිළිගන්නවා ඉතින් 😉🙈බොහොම ස්තූතියි ♥️
Delete