විවරණ...
තමන් ආස කරන,තමන්ට ආදරේ කරන ගැහැණියට ඇය බලාපොරොත්තු වන තරම් ආදරයක් ,රැකවරණයක් දෙන්න මනුස්සයෙක් තරම් වෙහෙසනවද ,හිතනවද කියලා ගෙදරින් පස්සෙ මට දනවපු එකම කෙනා ඔයා. මං දන්නවා, අදටත් මං හුඟාක් ඈතයි...ජීවිතේ කවදා නමුත් මිදෙන්න බැරි වෙයි මේ හිස්කමින්. එදාටත්, " මං තරහා නැහැ කියන්න " .
මට තියෙන්නේ වේදනාවක්.ඔයා නමින් උපන්න වේදනාවක්.අප්රමාණ ගෞරවයක්;ආදරයක්...ඒකට හේතුවක් නෑ.
ඔයා දන්නවා,මට රිදෙනවා; දුක හිතෙනවා ,ඒ ඔයා ආදරේ කරද්දිත්,ඒ ආදරේ මේ හිතට බර වැඩියි...මිනිස්සු ආදරේදී බොළඳයි,මෝඩයි කියන සාම්ප්රදායික කතාත් , සංසාරික ආදරයක හීන පාරමිතාත් අපි වටා තව කොයි තරම් කල් සෙල්ලම් කරාවිද... මං ආසයි ඔය හීනෙට.බොඳ වෙලා මැකෙන්න කළියෙන් පරිස්සමට පාට කරන්න. මට කියන්න, මං එනකම් ඉන්නවා නේද?
ඊට වඩා ලේසියි, මට ඔයාට "යන්න" කියන්න.

Comments
Post a Comment
හිතට දැනෙන දේ මට කියන්න ...