නොනිම්...


       නොයෙක් පැහැ , සුවඳ තවරාලූ වසත් සමය පරිසරයට කෙතරම් චමත්කාරයක් එක් කරනවාද , එතරම්ම මිහිරියි ; සොඳුරුයි යොවුන් විය ! නමුත් හැමදාම එක වගේ නෑ. සිසිරය වගේම ගිම්හානයත් එක සේ මේ පොළවට දරා ගන්න සිද්ධ වෙලා. හරියට ජීවිතය වගෙයි. අපි මහලු වෙලා, දින සති වේගයෙන් ගලා ගිහින් මතක පමණක් ඉතිරි වෙලා..

        ජීවිතය එහෙමයි. කිසිවක් නතර කර රදවා ගන්න බෑ. හරියට මේ එක් වරක් වෙරළ සිප ගත් රළ කඳ වගේ. නැවත එම දිය රළම දකින්න ලැබෙන්නේ නෑ. කාළය ඉඟිළ යනවා. දේවල් වෙනස් වෙනවා. අලුත් දේවල් එකතු වෙනවා. ඒ සෘතු භේදය ඔබටත් මටත් එක සේ පොදුයි ! හැබැයි, කොයි තරම් මහලු වූවත්,දින සති මාස ගෙවිලා ගියත් අර වසත් කළ මල්,හිත මත්තේ පුබුදුවාලන්න අපිට බැරිද? බැරි වෙන්නේ නැහැ,අවශ්‍ය වන්නේ පුහුණු කළ සිතත්,ගතත් පමණමයි.




Comments

  1. Replies
    1. හලෝලෝ ...මතක මාවත පැත්තෙ ඇවිත් ගියාට බොහොම ස්තූතියි 🤩 🙈දිගටම එන්න ඕනේනේ 😉

      Delete

Post a Comment

හිතට දැනෙන දේ මට කියන්න ...

Popular posts from this blog

පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද?

ඔයා වගේම උන්නා...