Posts

Showing posts from May, 2024

විසි එක් වන සියවසෙහි අධ්‍යාපනය

        මේ ලිපිය, කලින් සතියෙ පළ කෙරුව පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද? May 17, 2024 පිළිබඳ දැක්වූ ලිපියෙහිම දිගුවක්. මේ ලිපි මා උගත් ,කියවූ පොත පත හා ඇසූ පිරූ දෑ තුළින් එක් කොට ගත් දැනුම ඇසුරෙන් මගේ අකාරයට ගොඩනැගු කථිකාවතක් වගේම, ඒ පිළිබඳ සංවාදයන්,මතවාදයන් ගෙන ඒම පෙර පරිදිම ඔබට විවෘතයි.       මතක ඇති එහිදි මං සඳහන් කළ කාරණාවක් තමා විසිඑක් වන සියවසේ හී පන්තිකාමරය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී "බහුවිධ බුද්ධි න්‍යාය" භාවිත කළ යුතුය යන්න පිළිබඳ ගෙන ආ අදහස.වර්තමානයේ බොහෝ දෙනෙක් බුද්ධිය යනු දැනුම හඹා ගෙන යෑම යයි සළකා ජීවිතය වරදවා ගෙන ඇත.  මේ බුද්ධිමය හැකියා යනු  ගණිත , තර්කන හා භාෂා හැකියා පමණක් නොවෙයි, තවත් බුද්ධිමය හැකියා පුද්ගලයෙකු සතු බව වර්ෂ 1955 දී හොවාඩ් ගාඩ්නර් විසින් බහුවිධ බුද්ධ න්‍යාය ඇසුරෙන් පෙන්වා දෙනවා.    එහිදි පුද්ගල නිපුණතා හෙවත් බහුවිධ බුද්ධි හැකියාවන් (Multiple Intelligences ) දක්වලා තියෙන්නෙ  මෙහෙමයි.    1.  වාචසි...

විවරණ...

Image
   තමන් ආස කරන,තමන්ට ආදරේ කරන ගැහැණියට ඇය බලාපොරොත්තු වන තරම් ආදරයක් ,රැකවරණයක් දෙන්න මනුස්සයෙක් තරම් වෙහෙසනවද ,හිතනවද කියලා ගෙදරින් පස්සෙ මට දනවපු එකම කෙනා ඔයා. මං දන්නවා,  අදටත් මං හුඟාක් ඈතයි...ජීවිතේ කවදා නමුත්  මිදෙන්න බැරි වෙයි මේ හිස්කමින්. එදාටත්, " මං තරහා නැහැ කියන්න " .     මට තියෙන්නේ වේදනාවක්.ඔයා නමින් උපන්න වේදනාවක්.අප්‍රමාණ ගෞරවයක්;ආදරයක්...ඒකට හේතුවක් නෑ.        ඔයා දන්නවා,මට රිදෙනවා; දුක හිතෙනවා ,ඒ ඔයා ආදරේ කරද්දිත්,ඒ ආදරේ මේ හිතට බර වැඩියි...මිනිස්සු ආදරේදී බොළඳයි,මෝඩයි කියන සාම්ප්‍රදායික කතාත් , සංසාරික ආදරයක හීන පාරමිතාත් අපි වටා තව කොයි තරම් කල් සෙල්ලම් කරාවිද... මං ආසයි ඔය හීනෙට.බොඳ වෙලා මැකෙන්න කළියෙන්  පරිස්සමට පාට කරන්න. මට කියන්න, මං එනකම් ඉන්නවා නේද?   ඊට වඩා ලේසියි, මට ඔයාට "යන්න" කියන්න.

පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද?

Image
  ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නෙවෙයි දේශපාලන මෙන්ම  සමාජීය,සංස්කෘතික වශයෙන්ද මෙරට නවමු හැඩයක් ගන්නා ලද්දේ මහින්දාගමනයේ ප්‍රතිපලයක් ලෙසින්. ක්‍රි.පූ 5 වන සියවසෙහි ආර්‍යයන් මෙරටට පැමිණීමත් සමඟම ලාංකිකයන් ඔවුන්ටම විශේෂිත වූ දේශීය සංස්කෘතියකට උරුමකම් කීවද,එය වඩා විශ්වාසදායක ලෙසින් හා ස්ථිරසාර ලෙසින් ගොඩ නැගුණේ මහින්දාගමනයෙන් අනතුරුව බව නම් අවිවාදිතයි! මහින්දාගමනයට පෙර බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව සමාජයත් සංස්කෘතියත් සේම අධ්‍යාපනයත් හැඩ ගස්වා ගත් ලාංකිකයන් , මහින්දාගමනයත් සමඟම වූ නව පුනර්ජීවයේ ඵලයක් ලෙසින් එකී සියලු කාරණා භික්ෂු මූලීකත්වයෙන් ගෙන ගියා.ඒ අනුව ගුරු ගෙදර,පන්සල් පාසල්,පිරිවෙන් වගේම තෘතියීක අධ්‍යාපනය සඳහා මහා විහාරයත් දොරටු විවර කළා. බෞද්ධ අධ්‍යාපනයේ මූල කේන්ද්‍රය ලෙසින් සැළකෙන මේ මහා විහාරවාසී භික්ෂූන්ගේ විපුලත්වය ගැන කතා කරන අට්ඨකතා වලට අනුව උන්වහන්සේලා බුද්ධිමත්,එසේම ධාරණ ශක්තියෙන් මෙන්ම මහා ප්‍රඥාවෙන් ද අගතැන්පත් වූවන් ලෙසයි සැළකෙන්නේ. භාණක නමින් හැඳින්වෙන තෙරවරුන්ට තුන්පිටකයම වනපොත් කොට මතක තබා ගැනීමට තරම් ධාරණ ශක්තිය දියුණුව පැවති බවට මෙය සාක්ෂීයි! මජ්ඣිම භාණක දේව...

භාර්ගවී කුට්ටි..

Image
                   Neelavelicham (2023)     Aashiq Abu ගේ  Neelavelicham , ඇහැ ගැටුණු මොහොතේ ඉඳන් ඔබට චචන දෙක තුනක් ලියන්න තිබුණු ඕනෑකම,  එය තනිව විඳගැන්ම තරම් මහත් නොවුණත් අනන්ත අප්‍රමාණ වූ මායාකාරී මලයාලම් සිනමාවේ මෙතෙක් මා විදී තවත් නොස්ටැල්ජියානු හැඟුම් මාත්‍රයක් ස්පර්ෂ කළ  Neelavelicham තවත් පරිස්සමට මේ මතක මාවතේ වළදාන්න හිතුවා.      භාර්ගවීකුට්ටී... ඔයා තරහ වෙන එකක් නැහැ!  සිනමා කෘතිය රස විඳි ඇත්තන්නට නම් මේ කියන කතාව අරුමයක් නොවේවී! වචනයෙන් ලියා  සියුම්ව විඳ ගැන්මට ඇති අපුරූ මනෝභාවයන් ඛණ්ඩණය නොකරන්න මා සිතා ගත්තා. ඒ නිසා , මං කතාව නම් කියන්නේ නෑ.  තෝමස්, පරිකන්නි,භාර්ගවී ඔයාගේ බිරිඳ හැටියට සළකනකොට,ගෙදර භූමිතෙල් ඉවර වෙලා හොයාගෙන යද්දි ...යාළුවෝ, "ඇයි ,භාර්ගවීගෙන් අහන්න එපැයි" කියකොට... මට ඔබව වැටහෙනවා ; මං ඔබව දන්නවා ... "මාර්ගයක් රහිත වූ හුදකළා මේ වෙරළේ   ඔබ අද පැමිණියේ කිනම් ස්ථානයකටද...?   මේ...තනිකම නම් වූ හුදකලා වෙරළේ   අද ඔබ පැමිණියේ කිනම් ස්...

ඔබ ද මමම විය...

Image
      හුදකලාවට පෙම් බඳින්නෙකුට වුව, ඇතැම් විට   තමා සිත් ගත්,තමන් ආස කරන ජීවිතයට බොහොම සමීප, ළඟ මිනිස් ඇසුරක වුවමනාව දැනෙනා ඉසව් ඕනෑ තරම් තිබිය හැකියි. මෙය ලියන මටත් එහි වෙනසක් නැහැ. කොහොම නමුත්    අපි ඇසුරු කරන, අපි අවට සිටින මිනිසුන් අපේ පැවැත්මට වගේම අපේ සිතුම් පැතුම් වලටත් කොපමණ බලපෑමක් කරනවාද කියන එක මා අමුතුවෙන් කිවයුත්තක් නොවෙයි. ඒ උනත් ඔබේ ඒ සිත පතන, හිත ආස කරන අයම   හමුවෙනවා කියන එකනම් මේ සංසාරයේ අමාරු වැඩක්! හැබැයි,නොවෙන වැඩකුත් නෙවෙයි කියන්න ඕනී! එහෙම තැනක හිත නැවතුනාම ජීවිතේ මෙන්න මෙහෙම සැහැල්ලු වෙනවා, හරියට ඔබත් මමත් මේ ගෙවෙන තප්පරය වගේ...         සාම්ප්‍රදායික දිවි පැවැත්මෙන් ඔබ්බට, ජීවිතයේ සැබෑ සෞන්දර්‍යය විමසන ; එකිනෙකා දරා ගන්න ; ජිවිතේ වටහාලන; පහසු කරවන... ඔබ ද මමම වූ හැටියක්!  මිනිස්සු, " එකම සංඛ්‍යාතයන් සහිත ආත්ම එකට හමුවෙනවා කියන්නේ සම සීල , සම චාග , සම ප්‍රඥා සහිත මිනිස්සු එකට හමුවෙනවා කියන එකම තමයි   "  කියලා මං විස්වාස කරනවා. ඒ බව එක විට වැටහෙන්නේ නෑ. කාලයත් සමඟ, ජීවිතේට ආ ගිය, කළ කී දෑ අන...

මතක වරු...

Image
    ජීවිතයේ නොයෙක් නවාතැන්පලවල් බොහොම තාවකාළිකයි.හිත මත්තේ  මාළිඟා තනන් සදාකාලිකවම  පරිස්සම්  කරන්න තැනුවත් කවඳා නමුත් බිඳිලා, විසිරිලා යනවා.වේදනා රිදුම් දෙනවා.මතක ගොඩ වෙනවා.මේත් එහෙම තැනක්. විශ්වවිද්‍යාලයෙන් නික්මෙන්න තවත් හරියටම අවුරුද්දයි.     විසල් කොළඹත්,මේ සරසවි මාවතත් ඒ හා බැඳි  මුළු අවකාශය පුරාම වෙළා ගත් අනුරාගයේ මතක වස්තු පොඳි බැඳන්  නික්මෙන්න තව ටික කාලයයි.  ආයේ මේ පොළවේ පැළ වෙයිද,මේ නගරයට  සදාකාලිකවම සමු දෙයිද කියන්න මං  දන්නේ නෑ. නමුත්  දන්නවා, අපි ආයේ හමු නොවුනත් මේ මතක මේ අවකාශයේ කොහේ හෝ තැනක සඳා කාලිකවම පරිස්සමින් රැදී තිබේවී.

නොනිම්...

Image
       නොයෙක් පැහැ , සුවඳ තවරාලූ වසත් සමය පරිසරයට කෙතරම් චමත්කාරයක් එක් කරනවාද , එතරම්ම මිහිරියි ; සොඳුරුයි යොවුන් විය ! නමුත් හැමදාම එක වගේ නෑ. සිසිරය වගේම ගිම්හානයත් එක සේ මේ පොළවට දරා ගන්න සිද්ධ වෙලා. හරියට ජීවිතය වගෙයි. අපි මහලු වෙලා, දින සති වේගයෙන් ගලා ගිහින් මතක පමණක් ඉතිරි වෙලා..         ජීවිතය එහෙමයි. කිසිවක් නතර කර රදවා ගන්න බෑ. හරියට මේ එක් වරක් වෙරළ සිප ගත් රළ කඳ වගේ. නැවත එම දිය රළම දකින්න ලැබෙන්නේ නෑ. කාළය ඉඟිළ යනවා. දේවල් වෙනස් වෙනවා. අලුත් දේවල් එකතු වෙනවා. ඒ සෘතු භේදය ඔබටත් මටත් එක සේ පොදුයි ! හැබැයි, කොයි තරම් මහලු වූවත්,දින සති මාස ගෙවිලා ගියත් අර වසත් කළ මල්,හිත මත්තේ පුබුදුවාලන්න අපිට බැරිද? බැරි වෙන්නේ නැහැ,අවශ්‍ය වන්නේ පුහුණු කළ සිතත්,ගතත් පමණමයි.