Posts

 පහුගිය කාළේ ඔයා ලියලා තිබුණ හැම සටහනක්ම වගේ මං කියවලා ඉවර කරා.  ඒ හැම එකක්ම පාහේ,මට එක වගේ විශේෂය යි. ආදරණීය යි.ඔයාගේ මල් ගී...මල්කි අක්කා(මං එහෙම කියන්නේ ඇත්තටමයි; හදවතින්මයි.)අම්මෙක් වගේ.තව ඉන්නවා. මං අපේ ගෙදරට කියන හැම වෙලේම පොඩ්ඩක් විතර බැනුම් අහනවා. ආයේම අම්මට ඔයා ගැන ආදරේ හිතිලා, "අර ළමයව මතක් කරලා...." කියලා ඔන්න ඉතින් නොයෙක් දේවල් කියනවා. මටඔයාව හුඟක් මතක් වෙනවා....
  බූ....
      විශ්වවිද්‍යාල ජීවිතය හෙටින් නිමයි. මේ තාක් මොන දෙයක් සිද්ධ වුනත්, ඒ හැම දේම හිතට එකඟව වගේම මට හරි කියල හිතෙන නිවැරදිම දේ කළා කියලා හිතෙනවා.එතකොට දුක හිතෙනවා තමයි,පාඩු විදින්නත් වෙනවා...පස්සෙ කාළේ හිතද්දි ඔයාටත් මට වගේම ඒ ගැන දුකක්,වේදනාවක්,කණගාටුවක් දැනුන ද බූ...?      ඔව්,ඕනිම මිනිහෙකුට එහෙම දැනෙන්න ඕනී.එහෙම දැනෙනවා.    මං ප්‍රාර්ථනා කරනවා හැම නරක කාලයක්ම ඉවර වෙන හැමදේම හොඳින් වෙන කාලයක් අපිට උදා වෙයි කියලා.ඒ හැම දවසකමත් කොහේ හරි ඉඳන් ඔයා මං දිහා එකම එක පාරක්වත් බලන් ඉන්නව නම්....    ඔයා යන්න කළින් මං කරන්න හිටපු,මං ගෙවන්න හිටපු ඔයා කොහොම හරි හොරෙන් හොයා ගත්තු ජීවිතය දවසක ආසාවෙන් ගෙවනවා, ඒ විදිහටම. දැනට ඒ ගැන බලාපොරොත්තුවක් ,පොඩි ආසාවක්,පොරොන්දුවක් විතරයි මේක බූ..  ඔයා නැති කාළේ සරෝජ් අයියා හොඳින් බලා ගත්තා.ඒත් හැමදේම ටික කාලයයි. ඒත් ඒ උපරිමම ය. මං ඒකට කැමතියි; ආදරෙයි !  හැමදේටම ස්තූතියි බූ!;මං ආදරෙයි. ඒක මාව රිද්දන්නේ නැහැ සරෝජ්.ඇත්ත ලෝකේ මං දන්න මං ආදරේම මැරෙන්න මොහොතකට හරිත් කළින්,මේ දැනුත් මං හිතන්නේ ඔයා ගැන විතරයි. ...

නුඹ...

 මේ ඇතියි කිව්වම හොඳටම ඇති.ජීවිත කාලෙටම... ☯️
 ඔයා හිටියා නම් බූ ඔයා හිටියා නම්....
 ඊයේ දේශන ශාලාවේ මාතෘකාව ප්‍රකෘතියේ සිට  මිනිසා ආයේමත්  මනෝ විකෘතියකට ගමන් කරලා කියන විහිලු සහගත කතාව.හිනා වුණාට මොකද මේක කාලෙකට කලින්ම මං ප්‍රත්‍යක්ෂ කර ගත්තු ඇත්තම ඇත්තක්! දේවල් අත් හරින්න මිනිහෙක්ට කොයි තරම් ශක්තියක් ඕනීද...මං දැන් මේ ඒ මොහොත පහසුවෙන්ම පහු කරන ගමන් ඉන්නේ.. ඒත් මට අතෑරගන්න බැරි එකම දේ...ඔයා හිටියා නම්,ඔයා හිටියා නම්...ඔව් ඔයා හි ටි යා න ම්....🥺
 මං හැමදාම ප්‍රේමය වගේ කාරණා හිතුවේ බොහොම පරාර්ථකාමීව...ඔව්,හරියට ඔයා එදා කිව්ව වගේ නෙළා නොගෙන මලක සුවඳ බලන හැටි මං ඔයාගෙන් ඉගෙන ගත්තා.ඒත් දැන්, තනි නොබෙදුණු ආදරයක් ? ඔබ හමුවු දිනට සියලු වගකීම් ශුන්‍ය කළ හැකි දිනක්...මං කවදාවත් හිතුවේ නෑ...