Posts

Showing posts from June, 2024

විෂය මාලා සහ සමාජානුයෝජනය ...

     පහුගිය සතියේ අපි කතා කළා  ( මේ ලිපියට පහලින් ඒ කතාවෙ මං සළකුණු ඇති) ඔබට මතක ඇති පන්තිකාමරය තුළදී ගුරවරයාගෙ ප්‍රධාන වගකීමක් තමයි දරුවන්ගේ එකිනෙකට වෙනස් බුද්ධි තල නැත්නම් හැකියා හඳුනා ගනිමින් හුදු දැනුම පමණක් සොයා යන යාන්ත්‍රික ජීවියෙක් නිර්මාණය කරනවා වෙනුවට පරිපුර්ණ මිනිසෙකු කරා දරුවා මෙහෙයවන්න උත්සහ ගත යුතු බව. දරුවාව සමාජයට උචිත අයුරින් කොහොමද සමාජානුයෝජනය කරන්නේ කියන එක.සමාජානුයෝජනය කියන්නේ සමාජයට අනුගත වෙමින් සමාජය තුළ ජීවත් වෙන ආකාරය,ගණුදෙණු කරන ආකාරය ගැන දරුවන්ට හුරු කිරීම.අධ්‍යාපනයේ  එක් කාර්‍යයක් තමයි.මොන තරම් ජගතෙකු වූවත් සමාජය හා ගණුදෙණු කරන්න,අන්තර් පුද්ගල සබඳතා ගොඩ නගා ගන්න දරුවෝ දන්නැත්නම් වැඩක් වෙන්නේ නැහැ .අද මං  කතා කරන්නේ කොහොමද  මේ අපට තියෙන විෂය මාලා ඔස්සේ දරුවා මේ කාර්‍ය්යට සහභාගී කරවන්නේ කියන එක.      කලින් අපි හඳුන ගත්ත කාරණාව තමයි පුද්ගලයෙක් තුළ එකිනෙකට වෙනස් බුද්ධි තලයන් කිහිපයක් පැවතිය හැකි බව මෙන්ම දරුවන් මේ හැකියා කාලයත් සමඟ වැඩි දියුණු කර ගන්න ආකාරය විතරක් නෙවෙයි සමහර දරුවන් කුඩා කළ පටන්ම වි...

මේ නගරය....

Image
  කොළ ඹ නිශාචර ජිවිතයට කවදා හුරු වූවා දැයි නොදනිමි. සදා නොවෙනස් වූ  ආත්මීය බැඳීමක් මේ නගරය මතින් හමා යන සිහිල් සුළං රැල්ලක පවා ගැබ්ව ඇත. සියලු වේදනාවන් මිහිරක් කොට ගනිමින් නගරයේ විදී මත්තෙන් ඔහේ ඇවිද යමි. නගර මැද වැහි කෝඩයට මහා විසාල ගස් පාමුල ගුලි වෙමි.දුම්රිය පොළවල් වල ලතැවෙමි.කොළඹ ගංගාරාමයත් බේරේ වැවත්,විහාරමහදේවි උද්‍යානයත් අතර සුසුම් දිය කරමි. 138 හි වැයෙන සුපුදුරු හීන් ගී තනුවට මට හැඩුණි. දෑස් තද කොට පියා ගමි.කොහේ හෝ යළි නොඑන්නට මතක වළදමා මියෙන්නට සිතෙයි. කඳුළු අතරින් මැවෙන නුඹේ ලෙන්ගතු සිනා මුහුණ සංසාරයට මා යළි බැඳ තබා ගයි.